ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කරන ලද නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී තිබේ.
ඒ සඳහා පත්කළ විනිසුරු චිත්රසිරි කමිටුව විසින් මෙම කෙටුම්පත සකස් කරන ලදී.
කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටියහ.