ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ලබන 30 වැනිදා මාතරදී දැවැන්ත රැලියක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග සදහන් කරන්නෙ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ සටනේ ආරම්භය මෙම ජනරැළියත් සමඟ ආරම්භ වනු ඇති බවයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය සංවිධානය කරනු ලැබේ.
මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති ආරක්ෂක උපදේශක හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සදහා මාතර දිස්ත්‍රික්කයේ සියලු එජාප සංවිධායකයින් ද එක්ව තිබේ.