fbpx
තවත්
    මුල් පිටුවGOSSIPතර්ජිනීට සුබමංගලම්!

    තර්ජිනීට සුබමංගලම්!

    ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ලෙස සැළකෙන, ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ තර්ජිනී සිවලිංගම් අද විවාහ දිවියට පිවිස තිබේ.

    ඇයගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප සුබපැතුම් රැසක් මැද සමාජ මාධ්‍යයේ හුවමාරු වන අන්දම දැකිය හැකියි.

    කණ්ඩායම තුළ ඇය දැක්වූ දක්ෂතාවට අමතරව ශරීරයේ උස හේතුවෙන් බොහෝ දෙනා අතර තර්ජිනී ජනප්‍රිය වූයේ ‘ජීනී’ යන නමිනි.

    ගෙවුණු වසරේදී ඇය ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට තමන් තීරණය කළ බව දැනුම් දී තිබුණි.

    නව ජීවන පරිච්ඡේදයක් ඇරඹූ ඇයට නිව්ස්වේව් අපගෙන් සුබපැතුම්!

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.