fbpx
තවත්
    මුල් පිටුවspecialඇෆ්ගනිස්ථානය ප්‍රබල ඕස්ට්‍රේලියාව පරදවයි

    ඇෆ්ගනිස්ථානය ප්‍රබල ඕස්ට්‍රේලියාව පරදවයි

    විස්සයි 20 ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයේ අද (23) පැවති තරගයක දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.

    මෙම අනපේක්ෂිත පරාජය සමඟ ඕස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට පිවිසීම අවදානමකට ලක්කර ඇති අතර ඇෆ්ගනිස්ථානයට තවත් අවස්ථාවක් විවර වී තිබේ.

    බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි කිංග්ස්ටවුන් හි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය කඩුළු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළේය.

    ඇෆ්ගනිස්ථානයට සාධාරණයක් ඉටු කළ රහමුල්ලා ගුරුබාස් 60(49) සහ ඊබ්‍රහම් සඩාන් 51(48) ආරම්ක පිතිකරුවෝ ලෙස විශිෂ්ට පිතිහරඹයක නිරත වූහ. ෆැට් කමින්ස් ලකුණු 28කට කඩුළු 3ක් දවා ගත්තේය.

    ජයග්‍රහණය හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු කඩුළු පන්දුවාර 19.2ක් තුළ දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ලකුණු 127කට සීමා වූ ඕසට්‍රේලියානු කණ්ඩායමේ කඩුළු 4ක් ලකුණු විස්සකට දවාලු ගුල්බාදින් නයිබ් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

    ඇෆ්ගනිස්ථානය 148/6 (20)

    ඕස්ට්‍රේලියාව 127/10 (19.2)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img