fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන් යානයේදී බෑගයකින් බඩු හොරකම් කළ චීන යුවළක් අත්අඩංගුවට

    ගුවන් යානයේදී බෑගයකින් බඩු හොරකම් කළ චීන යුවළක් අත්අඩංගුවට

    අබුඩාබි සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල දක්වා පියාසර කරමින් තිබුණු ගුවන් යානයක සිටි ශ්‍රී ලංකිකයෙකුගේ ගමන් මල්ලක තිබුණු රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ සොරාගත් චීන ජාතික යුවලක් කටුනායක ගුවන්තොටුපොල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම චීන යුවල අවුරුදු 36 හා 31 යන වයස්වල පසුවන්නන්ය. මෙම සොරකම පසුගිය 22 වෙනිදා උදෑසන ගුවන් යානය තුළ සිදුව ඇති බවත් එම චීන යුවල එදින රාත්‍රී කාලයේ නැවත විදෙස්ගතවීමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවටගත් බවත් කටුනායක ගුවන්තොටුපොල පොලීසිය සඳහන් කළේය.

    මෙම යුවල අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී චීන කාන්තාවගේ ඇගිලක සොරාගත් රන් භාණ්ඩ අතර තිබුණු මුදුවක් තිබී ඇති බවත් එම මුදුව එම ශ්‍රී ලංකිකයාගේ බිරිඳගේ මගුල් මුද්ද බවත් පොලීසිය කියයි.

    ශ්‍රී ලංකිකයා අබුඩාබි හී රැකියාවක නිරතව සිටින්නෙකි. ඔහු එරට රැදී සිට ඇත්තේ බිරිඳ හා දරුවන් සමගිනි. හික්කඩුවේ පදිංචිකරුවන් වන ඔවුන් මෙරටට පැමිණෙන විටදී මෙම සොරකම සිදුව ඇත. ගුවන් යානයේ ආසනවලට ඉහළින් ඇති රැක් එකේ දමා තිබුණු ගමන් මල්ලෙන් රන් භාණ්ඩ සොරාගෙන ඇති බව පොලීසිය කියයි. මෙම පවුලේ සාමාජිකයන්ට නින්ද ගොස් සිටියදී උපක්‍රමශීලිව මෙම සොරකම සිදුකර ඇති බව පොලීසිය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img