කොළඹ, කළුතර, යාපනය, සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා නව දිස්ත්‍රික් ලේකම්වරු හතර දෙනෙකු පත්කර ඇත.
කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර, කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ජී.එම්. ජනක ගුණවර්ධන, යාපනය වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් එම්. ප්‍රදීපන්, කිලිනොච්චි වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් එස්. මුරළිදරන් මහත්වරු මෙලෙස පත්කොට තිබේ.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (25) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා සහ කළුතර දිස්ත්‍රීක් ලේකම්වරයා වශයෙන් ජී.එම්. ජනක ගුණවර්ධන මහතා පත්වීම් ලිපි ලබා ගත්හ.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.