චීනයේ ඉහළම විද්‍යා හා තාක්ෂණික සම්මාන ප්‍රදානෝත්සවය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මීට සමගාමී ව චීන ජාතික විද්‍යා හා තාක්ෂණික සම්මේලනය සහ චීන විද්‍යා ඇකඩමියේ හා ඉංජිනේරු ඇකඩමියේ විද්වත් සම්මේලන ද උත්කර්ෂවත් අයුරින් බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී ඊයේ (24) පැවැත්විණ.
රටේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට එහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ප්‍රදානය කෙරිණ.
ජාතියේ පුනර්ජීවනය සඳහා විද්‍යා තාක්ෂණික අංශය සංවර්ධනය කිරීමේ ඇති වැදගත්කම ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. 2035 වසර වනවිට විද්‍යා හා තාක්ෂණික අතින් බලසම්පන්න රටක් ගොඩනගා ගැනීමේ ඉලක්කය සඳහා කැපවිය යුතු බව ෂී ජින් පිං මහතා පැවසීය. උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණ හැකියාව පිළිබඳ ආත්ම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
එක් තීරයක් එක් මාවතක් වැනි සංවර්ධන වේදිකාවන් හි කාර්යභාරය මනාව ඉටු කළ යුතු බවත්, විවිධ රටවල පවතින විද්‍යා තාක්ෂණික අසීරුතා මඟහරවා ගැනීමට ද සහාය ලබා දිය යුතු බව ද ඔහු පැවසීය. විද්‍යා හා තාක්ෂණික සංවර්ධනය ඔස්සේ සමස්ත මානව වර්ගයාට පොදු යහපත උදාකිරීමේ දී ගෝලීය අභියෝගයන්ට එක්සත්ව මුහුණ දිය යුතු බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා කියාසිටී.
චීනයේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට චීන ජනපතිගෙන් ඇගයුම්
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.