fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්15 වැනි ගිම්හාන ඩාවෝස් සංසදය ඇර‍ඹේ

    15 වැනි ගිම්හාන ඩාවෝස් සංසදය ඇර‍ඹේ

    15 වැනි ගිම්හාන ඩාවෝස් සංසදය චීනයේ Dalian නගරයේ දී ආරම්භ වෙයි. අද (25) ඇරඹුණු තෙදින සංසදයට ලොව විවිධ රටවල් හා කලාප 80 ක පමණ නියෝජිතයෝ 1600 කට අධික පිරිසක් එක්ව සිටිති.
     
    “අනාගත සංවර්ධනයේ නව ප්‍රවණතා” එහි මෙවර තේමාවයි. ‘ගෝලීය නව ආර්ථිකය’ සහ ‘චීනය සහ ලෝකය’ යන තේමා එහිදී සාකච්ඡාවට ගැනෙනු ඇත. ලෝක ආර්ථික වර්ධනය සඳහා වන නව බලවේග සම්බන්ධයෙන් ද එහිදී විමර්ශනය කිරීමට නියමිතය.
     
    ගිම්හාන ඩාවෝස් සංසදය ජාත්‍යන්තර හුවමාරු සඳහා ප්‍රශස්ත වේදිකාවකි. චීනයේ සංවර්ධනය පිළිබඳව මනාව අවබෝධ කරගැනීමට එහිදී අවස්ථාව හිමිවන බවට සංසදයට එක්වූවෝ විශ්වාසය පළ කරති.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img