නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීමේ යෝජනාව අද දෙවන වරටත් ප්‍රතික්ෂේප වී තිබේ.
මෙම සේවා දිගුව පිළිබඳ යෝජනාව කර තිබුණේ ජනාධිපතිවරයා ය.
එම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි ප්‍රතික්ෂේප කළේය.
මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය දුන් අතර 3 දෙනෙක් පක්ෂව ඡන්දය දුන් නිසා එම යෝජනාව යළි ප්‍රතික්ෂේප වී ඇත.