fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පුහුණුවට රට යන දොස්තරලා ආයේ එන්න නෑ

    පුහුණුවට රට යන දොස්තරලා ආයේ එන්න නෑ

    වැඩිදුර පුහුණුව සඳහා විදේශගත වන වෛද්‍යවරුන් යළි සිය රටට නොපැමිණෙන බව අනාවරණය වී තිබේ.

    ඒ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳ ප්‍රතිපත්ති හේතුවෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති නිසා බවට ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය එහි සභාපති, මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) රැස්වූ අවස්ථාවේ දී හෙළිවී ඇත.

    මේ හේතුවෙන් බොහෝ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ට අතිකාල සේවයේ යෙදීමට සිදුවී ඇත.

    එබැවින් පිටස්තර දිස්ත්‍රික්කවල සේවය සඳහා යොදවා ඇති වෛද්‍යවරුන්ට අමතර දීමනා ලබාදීමේ අවශ්‍යතාව ද මතුවී ඇතැයි එහිදී සාකච්ඡා වී තිබේ.

    වෛද්‍යවරුන් රට හැරයාමෙන් සිදුවන පාඩු වළක්වා ගැනීම සඳහා විශේෂ ගෙවීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවද කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

    මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු කරන ලෙස සංසදයේ සභාපතිවරයා ඉල්ලා සිටියේය.

    පසුගිය කාලයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය අඩුවී ඇති බව දිවයිනේ විවිධ රෝහල්වල සිදුකළ සමීක්ෂණයකින් තහවුරු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී පෙන්වා දුන්නේය.

    කෙසේවෙතත් ඇතැම් රෝහල්වල ඖෂධ හිඟය පවතින්න්නේ ගබඩා පහසුකම්, බෙදාහැරීම සහ ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් බවද ඔවුහු පෙන්වා දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img