fbpx
තවත්
    මුල් පිටුවspecialචීනයේ යෝධ පැන්ඩා යළිත් ඇමරිකාවට

    චීනයේ යෝධ පැන්ඩා යළිත් ඇමරිකාවට

     
    ඇමරිකාව සහ ඔස්ට්‍රියාව සමග පවත්වන යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ගිවිසුම් යළි ක්‍රියාවට නැංවීමට චීනය පියවර ගනී.
     
    ඔස්ට්‍රියාවේ Tiergarten Schönbrunn සත්වෝද්‍යානය සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පිළිබඳ නව ගිවිසුමක් අත්සන් කළ බව චීන වනජීවී සංරක්ෂණ සංගමය නිවේදනය කර ඇත.

    එසේම, “Yunchuan” සහ “Xinbao” නමැති යෝධ පැන්ඩාවුන් දෙදෙනෙකු ඇමරිකාවේ San Diego සත්වෝද්‍යානය වෙත පිටත් කිරීමත් සමග චීන-ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා යළි ආරම්භ වී ඇති බව ද එම සංගමය කියාසිටී.  
     
    වසර 20 කට අධික කාලයක් තිස්සේ චීනය අදාළ සත්වෝද්‍යාන සමග යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා පවත්වා තිබේ.  

    චීන -ඔස්ට්‍රියානු හා චීන -ඇමරිකානු යෝධ පැන්ඩා සංරක්ෂණ සහයෝගිතා ඔස්සේ එම සතුන්ගේ පැවැත්ම තවදුරටත් තහවුරු වනු ඇත.

    එය ගෝලීය ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීමට මෙන්ම චීන ජනතාවගේ ජාත්‍යන්තර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද දායක වන බව චීන බලධාරීන් පෙන්වා දී තිබේ.
     
    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ කරුණු අනාවරණය කළේ විදේශ අමාත්‍යාංශයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
     
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img