මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ ද්‍රව්‍ය මත්පැන් යැයි සිතා පානය කළ ධීවර යාත්‍රාවක ධීවරයන් තිදෙනකු මියගොස් තිබේ.
ඒවා පානය කිරීමෙන් එහි ගමන් ගත් තවත් ධීවරයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වාර්තා වේ.
තංගල්ලෙන් පිටත් වූ ධීවර යාත්‍රාවේ 6 දෙනකු ගමන් ගෙන තිබූණි.
ධීවර බෝට්ටුව ශ්‍රී ලංකා වෙරළට නාවික සැතපුම් 320ක් (කිලෝමීටර් 592.64) ඔබ්බෙන් තිබියදී මෙම සිදුවීම සිදුව ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, යාත්‍රාව වෙනත් යාත්‍රාවක ආධාරයෙන් ගොඩබිමට ගෙනෙමින් තිබෙන බවයි.