නීතිපති ධූරය පත්කිරීමේදී සහාය දෙන්නේ කාටද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දෙකඩ වීමේ තත්ත්වයක් උදවී ඇතැයි වාර්තා වේ.
ඊට හේතු වී ඇත්තේ එක් කණ්ඩායමක් වැඩබලන නීතිපති පාරින්ද රණසිංහට සහාය දීමත් තවත් පිරිසක් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේනට සහාය දීමත් හේතු කොටගෙනය.
නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගේ කණ්ඩායම අයේෂා ජිනසේනට සහාය දිය යුතු බවට ප්‍රකාශ කිරීමත් අනෙක් පිරිස පාරින්ද රණසිංහට සහාය දිය යුතු බව කීමත් හේතුකොටගෙන දැඩි මතභේදයක් නීතීඥ සංගමය තුල හටගෙන ඇතැයි සඳහන් ය.
මෙම කාරණය ගැන නීතීඥ සංගමයේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනුම්වත් කොට ඇතැයි ද සඳහන් ය.
මෙම ගැටුම දුරදිග යාම හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා නීතීඥ සංගමය කොටස් තුනකට බෙදීමට ද ඉඩ ඇතැයි නීතීඥවරු පවසති.