USDT නැමැති විද්‍යුත් මුදල් ඒකකය මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ලද මුදල් මිලදි ගැනීමේ හා විකිණිමේ ව්‍යාපාරයක් මගින් පුද්ගලයින් දෙදෙනකු සමඟ සිදුකරන ලද ගනුදෙනු තුනකට අදාලව වංනික ලෙස වෙනත් ගිණුමකින් මුදල් හුවමාරු කිරීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව පුද්ගලයෙක් අත්අඩංගුවට නොගෙන සිටීමට එම පුද්ගලයාගෙන් රුපියල් 454,200ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් අත්අඩංගුවටගත් කොළඹ අපරාධ කොට්ඨාශයේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සහ ඔහුගේ සහයක පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
අල්ලස් කොමිෂන් සභාව විසින් අත්අඩංගුවටගත් මෙම නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.
මෙම මුදල් වංචාවට පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පවසා තුන්වැනියාව අත.්අඩංගුවට නොගෙන සිටීමට යැයි පවසා අල්ලස් ඉල්ලා ඇති බව අල්ලස් කොමිෂන් සභා තොරතුරු සඳහන් කළේය.
මෙම අල්ලස් මුදලින් රුපියල් ලක්ෂ 3ක මුදලක් මුලින් ලබාගෙන ඇති අතර එහි ඉතිරි කොටස ලෙස රුපියල් 154,200ක මුදලක් කොළඹ අපරාධ කොට්ඨාශය තුළදී ලබාගන්නා අවස්ථාවේදි අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් මෙම නිලධාරීන් දෙදෙනාව පසුගිය 05 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.