fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නීතිඥ සංගමය ජනපතිට යැවූ ලිපියට ලැබුණු උත්තරේ..

    නීතිඥ සංගමය ජනපතිට යැවූ ලිපියට ලැබුණු උත්තරේ..

    ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැහැදිලි කිරීමක් කර තිබේ.

    එහි දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත්, මින් පෙර එව්වැන්නක් සිදුවී නොමැති බවත් ය.

    නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.