fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්නේටෝවට චීනයෙන් පාඩමක්

    නේටෝවට චීනයෙන් පාඩමක්

    තමන්ගේ ක්‍රියා ගැන මෙනෙහි කරන ලෙසත්, අන්‍යයන්ගේ වියදමින් තමන්ට ප්‍රතිලාභ උදාකර ගැනීම නවත්වන ලෙසත් නේටෝ සංවිධානයට සහ ඇතැම් රටවලට සිහිපත් කරවන බව චීනය කියා සිටියි.

    එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත ෆූ සොං මහතා මේ බව පැවසුවේ, ජාත්‍යන්තර පිළිවෙළ සහ බහුපාර්ශ්වික සහයෝගිතාව තේමා කරගනිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (16) පැවති විවෘත විවාදයට එක්වෙමිනි.

    පොදු ආරක්ෂාවට බාධා කරන පීඩාකාරීන් වීම නවත්වන ලෙස ද චීන නියෝජිතයා අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය.

    ඇතැම් රටවල සැබෑ අභිප්‍රාය වන්නේ තම දෙබිඩි පිළිවෙත්වලට නීත්‍යනුකූලභාවය ආරෝපණය කරමින්, පවතින ජාත්‍යන්තර නීති පද්ධතියට විකල්ප රැගෙන ඒම බව ෆූ සොං මහතා පැවසීය.

    ලෝකයේ ඇත්තේ එකම පිළිවෙළකි. එය ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර පිළිවෙළ ම පමණක් බව හෙතෙම පෙන්වා දුන්නේය. එසේම, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මත ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ලෙස ලොව ඇත්තේ එකම නීති මාලාවක් පමණක් බව ද ෆූ සොං මහතා අවධාරණය කළේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img