fbpx
තවත්
    මුල් පිටුවspecialහමාස් නායකයා ඝාතනය කරයි

    හමාස් නායකයා ඝාතනය කරයි

    spot_img

    හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහරයකින් ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.

    ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම ප්‍රහාරය හමාස් නායකයා රැදී සිටි ටෙහෙරාන් අගනුවර විශ්‍රාමික හමුදා නිලධාරීන් රැදී සිටින ගොඩනැගිල්ලකට ප්‍රහාරය එල්ල වී ඇත.

    දැනට වාර්තා වන අන්දමට මෙය ගුවන් ප්‍රහාරයක් ලෙසට විශ්වාස කරයි.

    62 හැවිරිදි වියේ පසු වූ හනියේ හමාස් සංවිධානයේ සමස්ත නායකයා ලෙස සැලකෙන අතර ඇතැම් අවස්ථාවලදී ඔහු හාමාස් සංවිධානයේ දේශපාලනික අංශයේ ප්‍රධානියා වශයෙන්ද සඳහන් වේ.

    මේ අතර ඉරාන රජය සඳහන් කරන්නේ එරට නව ජනාධිපතිවරයාගේ දිව්රුම් දීමේ උත්සවයට හානියෝ සහභාගී වී පැය කීපයකට පසු මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බවත්ය.

    හනියේ කටාර් හී කල් ගෙවූ අතර ඔහුට හමාස් සංවිධානය තුල සුවිශේෂී ස්ථානයක් හිමිව තිබිණි. හනියේගේ ඝාතනයක් සමඟ හමාස් සංවිධානයේ සන්නද්ධ අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හනියේ ඝාතනය “සටන නව මානයකට ගෙන යන අතර විශාල ප්‍රතිවිපාක ඇති කරන” බවත් ඉරානය ද ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිඥා දුන් බවත් ය.

    එමෙන්ම ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි පැවසුවේ ඊශ්‍රායලය විසින් තමන්ටම දරුණු දඩුවම් සඳහා පදනම සපයා ඇති බවත් හමාස් නායකයාගේ මරණය ඉරාන අගනුවර සිදු වීමට පළිගැනීම ටෙහෙරානයේ යුතුකමක් බවත්ය. මේ අතර ඉරාන හමුදා දැනටමත් ගාසා යුද්ධයේදී ඊශ්‍රායලයට සෘජුවම ප්‍රහාර එල්ල කර සිටීමද විශේෂත්වයකි.

    මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයෙන් කිසිදු ප්‍රකාශයක් හෝ වගකීමක් ප්‍රකාශ කිරීමක් කර නොමැති අතර ඊශ්‍රායල හමුදාව කියාසිටියේ තමන් තත්ත්වය තක්සේරු කරමින් සිටින බවයි.

    මේ අතර ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ මැදපෙරදික කළාපයේ මේවන විට ඇති තිබෙන දැඩි කැලඹිලි සහගත තත්ත්වය ලිහිල් කිරීමට වොෂින්ටනය කටයුතු කලද ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල වුවහොත් එය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය උදව් කරන බවයි.

    “යුද්ධය නොවැළැක්විය හැකි යැයි මම හිතන්නේ නැහැ. නමුත් විශ්වාස කරනවා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කටයුතු කිරීම සඳහා සෑම විටම ඉඩක් සහ අවස්ථා තිබෙන බව” එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පිලිපීනයේ සංචාරයකදී වාර්තාකරුවන්ට පැවසීය.

    ගාසා තීරයේ සටන් නැවැත්වීමේ සාකච්ඡා වල තැරැව්කරු වශයෙන් කටයුතු කළ කටාර් රාජ්‍යය, හනියාගේ ඝාතනය මැදපෙරදිග ගැටුම් භයානක ලෙස උත්සන්න වීමක් ලෙස හෙළා දකිමින් සඳහන් කළේය. එමෙන්ම මෙම ඝාතනය චීනය, රුසියාව සහ තුර්කිය ද එය හෙළා දැක ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img