fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"හම්බන්තොට වරාය නැව් අලුත්වැඩියා කිරීමේ කදිම ස්ථානයක්" -ජොන්සන් ලියු

    “හම්බන්තොට වරාය නැව් අලුත්වැඩියා කිරීමේ කදිම ස්ථානයක්” -ජොන්සන් ලියු

    spot_img

    “ඉන්දියන් සාගරයේ නැඟෙනහිර-බටහිර මාර්ගයන්ට යාබදව පිහිටා ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය, නැව් අලුත්වැඩියා සේවාවන්ගේ වර්ධනය පුළුල් කිරීම සඳහා කදිම ස්ථානයක්.“ යැයි චයිනා මර්චන්ට් සමූහයේ ප්‍රධාන දේශීය නියෝජිත සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා අවධාරණය කරයි.

    ජපානයේ ඔනොමිචි ඩොක්යාඩ් (Onomichi Dockyard) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ කොළඹ ඩොක්යාඩ් (CDPLC) හි අධ්‍යක්ෂ ලෙස කටයුතුකරන කුනියෝ කොබටාකේ මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) කළ සංචාරයේදී මේ බව ජොන්සන් ලියු මහතා අවධාරණයකර තිබේ.

    නවීනතම නැව් අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් වරාය තුළ ගොඩනැගීම සඳහා CDPLC සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) අතර මෑතකදී අත්සන් තැබූ නව ගිවිසුමට අනතුරුව මෙම සංචාරය සිදු කර ඇත.

    මෙහිදී, HIP හි උපායමාර්ගික පිහිටීමෙන් ඇති වාසිය පිලිබදව චයිනා මර්චන්ට් සමූහයේ ප්‍රධාන දේශීය නියෝජිත සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා අවධාරණය කළේය. “ඉන්දියන් සාගරයේ නැඟෙනහිර-බටහිර මාර්ගයන්ට යාබදව පිහිටා ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය, නැව් අලුත්වැඩියා සේවාවන්ගේ වර්ධනය පුළුල් කිරීම සඳහා කදිම ස්ථානයක්. අලුත්වැඩියා විශාල ප්‍රමානයක් සිදු කිරීමට HIP හට ඇති හැකියාවත් සමඟ CDPLC හි ප්‍රවීණත්වය එක් වීම තුළින් අපගේ හවුල්කාරීත්වය වරායේ මෙහෙයුම් අතර ඉතාමත් වැදගත් අංගයක් බවට පත් කිරීමට බලාපොරොත්තු වනවා.” යැයි ජොන්සන් ලියු මහතා සඳහන් කරනු ලැබුවේ එහිදීය.

    වරාය තුළ තම පිහිටීම තවදුරටත් ශක්තිමත් කරමින්, නැව් දියමත පාවෙමින් තිබියදී අලුත්වැඩියා කිරීමේ නව මධ්‍යස්ථානය සඳහා දළ වශයෙන් USD මිලියන 1ක් CDPLC විසින් ආයෝජනය කරනු ඇත. “හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමඟ මෙතෙක් අපගේ සහයෝගීතාවය අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වී තිබෙනවා. විශාල යාත්‍රා ඇතුළු පුළුල් පරාසයක නැව් සඳහා පාවෙන අලුත්වැඩියා සේවා ලබා දීමට වරායේ පහසුකම් අපට ඉඩ සලසනවා. අපගේ ඒකාබද්ධ විශේෂඥතාව, වරායේ බහුකාර්ය හැකියාවන් සහ පළපුරුදු කාර්ය මණ්ඩලය, අපගේ හවුල්කාරිත්වය සාර්ථකව ඉදිරියට ගෙන යෑමට විශාල රුකුලක් වනු නොඅනුමානයි. නවීන පහසුකම් වලින් පරිපූර්ණ නව මධ්‍යස්ථානය තුළින් වැඩි ප්‍රතිලාබ ලබා දී, පාවෙන අලුත්වැඩියා සඳහා ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛතම ස්ථානය බවට HIP පත් කිරීමට සෑම ප්‍රයත්නයක්ම දරනවා,” යි CDPLC හි කළමනාකාර අධ්‍යක්ෂ තිමිර එස්.ගොඩකුඹුර මහතා පැවසුවේය.

    නව නෞකා අලුත්වැඩියා කිරීමේ පහසුකම වරායේ වර්තමාන සේවාවන් තවත් පුළුල් කරනු ඇතැයි, HIPG ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ මහතා වැඩිදුරටත් පවසයි. “අපගේ මෙහෙයුම් විශිෂ්ඨත්වය ඉහල නංවමින්, ආර්ථික වර්ධනය වෙනුවෙන් ඇති කැපවීම ඉස්මතු කරන මෙම ව්‍යාපෘතිය අවසන් වන තෙක් උනන්දුවෙන් බලා සිටිනවා.’’

    නව අලුත්වැඩියා මධ්‍යස්ථානය ඉදි වන ස්ථානය පරීක්ෂා කළ අධ්‍යක්ෂ කුනියෝ කොබටාකේ මහතා හවුල්කාරිත්වය තුළින් දෙපාර්ශවයටම ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳ සුභවාදී අදහස් පළ කළේය. CDPLC අධ්‍යක්ෂ ෆුරුකාවා මහතා (Furukawa), තාක්ෂණික උපදේශක නොසාකි මහතා (Nozaki), නැව් අලුත්වැඩියා සේවා හි සාමාන්‍යාධිකාරී S.G. සේනාධීර මහතා සහ උපදේශක බෙනී ප්‍රනාන්දු යන මහත්වරු ද ඔහු සමඟ එක්ව සිටියහ.

    CDPLC නව මධ්‍යස්ථානය 2025 දෙවන කාර්තුවේදී ඉදිකිරීම් අවසන් වීමට නියමිතය. නැව් අළුත්වැඩියා කිරීමට අමතරව, නව පහසුකම මගින්, නැව් සැපයුම්වල නිරත දේශීය ප්‍රජාවට ව්‍යාපාරික අවස්ථා රාශියක් උදාකර දීමටද අපේක්ෂා කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img