බංගලාදේශ අග්‍රමාත්‍යවරිය ජනතා විරෝධතා හේතුවේ අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්ව තිබේ.
හසීනා අග්රාමත්යධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පලාගොස් ඇති බවටද එරට මාධ්‍ය වාර්තා කරයි.
අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලා අස්වීමෙන් අතුරුව ජාතිය අමතමින්, හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් වකර්-උස්-සාමාන්, ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බවත් රට පාලනය කිරීම සඳහා අන්තර්වාර රජයක් පිහිටුවන බවත් තහවුරු කරනු ලැබීය.
ඒ් අනුව හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙස ඔහු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි අතර එමඟින් රටට සාමය නැවත උදාවනු ඇතැයිද ඔහු පැවසීය.
“විරෝධතා අතරතුර සිදු වූ සෑම මරණයක් සහ අපරාධයක් සඳහාම යුක්තිය ඉටු වන බව අපි සහතික කරනවා,” යනුවෙන්ද කියා සිටි ඔහු, ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, ප්රචණ්ඩ ක්‍රියා සහ විනාශකාරී ක්‍රියා නතර කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“අපි සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ට ආරාධනා කර ඇති අතර, ඔවුන් අපගේ ආරාධනය පිළිගෙන අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැපවී සිටිනවා,” යනුවෙන් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
බංගලාදේශ රජය විසින් එරට ජනගහනයෙන් තෝරාගත් පිරිසකට පමණක් රජයේ රැකියා අවස්ථා සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමට පියවර ගැනීමත් සමඟ රට පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ විය. මෙම විරෝධතා සඳහා එරට විශ්ව විද්‍යාල සිසුන් පෙරමුණ ගෙන තිබූණි.
විරෝධතාකරුවන් හට වෙඩි තබන ලෙසට රජය විසින් ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබූ අතර එහිදී තුන්සීයකට අධික පිරිසකට ජීවිත අහිමිවිය.
මෙැවනි පසුබිමක් තුල නොබියව තම අයිතීන් වෙනුවෙන් නැගී සිටි බංගලාදේශ ජනතාවට ඩකා අගනුවර වැටලූ අතර එහිදී අග්රාමත්යවරියගේ නිවසට වට කිරීමට පියවරගෙන තිබිණි.
මේත් සමඟ රටින් පලායාමට අග්‍රාමත්‍යවරිය සිය ධූරයෙන් ඉවත්ව රටින් පලා ගියාය.