අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් ලෙස අවුරුදු 02 ක කාලයක් සඳහා ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
ඒ සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලි අනුපාතිකය 8.5% ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වී ඇත.
ඒ හේතුවෙන් බහුතරයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගෙන ඇතැයි ද නීරීක්ෂෂණය වී තිබේ.