ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගයේ (NPP) අපේක්ෂකයා ලෙස තරඟ කරන අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මීට සුළු වේලාවකට පෙර ඇප මුදල් තැන්පත් කර තිබේ.
විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ නීතිඥ සුනිල් වටගල මහතා ඇතුළු පිරිසක් මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට මේ වනවිට ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් ගණන 18කි.