ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ජනාධිපතිවරයාට සහය පළකරමින් වේදිකාවට ගොඩවූවාය.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවට ඇය ගොඩවූයේ පළමු වරටයි.
රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමඟි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇය ඉකුත්දා සිය මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වූවාය.
තලතා අතුකෝරල මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක, අභාවප්‍රාප්ත ගාමිණී අතුකෝරල මහතාගේ නැගණියයි.