ඉදිරි ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන 20 වන දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් ලබන 19 වැනිදා පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාවය පරිදි අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු වේ.
ජනාධිපතිවරණය ලබන 21වනදා පැවැත්වෙන අතර ලබන 23 වැනිදා පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කර තිබේ.
මීට අමතරව, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පහත සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් වසාදැමීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන් වේ.
ඊට අදාළ නිවේදනය පහතින්.