fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"කොළඹින් ගෙනත් දාන අය වෙනුවට මඩකළපුවෙන්, නැගෙනහිරින් නායකයො හදන්න පෙළගැසෙන්න"

    “කොළඹින් ගෙනත් දාන අය වෙනුවට මඩකළපුවෙන්, නැගෙනහිරින් නායකයො හදන්න පෙළගැසෙන්න”

    හැම දේශපාලඥයෙක්ම දමිළ මුස්ලිම් ජනතාවට ලබාදෙන ව්‍යවස්ථාවල් හදන දේශපාලනික පොරොන්දු ලබාදීමට, තමන්ට නොහැකි බවත් ඒ වෙනුවට මේ රටේ දමිළ මුස්ලිම් තරුණයටත් හොඳ හෙට දවසක් තනාදීමට තමාට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියාසිටියේ ඊයේ (10) මඩකළපුව නගරයේ පැවති රැලියට එක්වූ ජනතාව අමතමිනි.

    ඡන්දෙ කාලෙට ජාතීන් අතර බෙදීම් වැඩිවෙන බව කී නාමල් රාජපක්ෂ මහතා ඇතැම් දේශපාලඥයන් ජාතීන් විදියටත්, ආගම් විදියටත්, පක්ෂ විදියටත් බෙදීම් ඇති කරමින් දේශපාලනය කළ ද තමන් බෙදීමෙන් දේශපාලනය කරන දේශපාලඥයකු නොවන බව ප්‍රකාශ කළේය.

    නැගෙනහිරට මඩකළපුවට අද කොළඹින් ගෙනත් දමන දේශපාලඥයන් වෙනුවට තමන්ගෙ පළාතෙන් දේශපාලන නායකයන් බිහිකරගැනීමට ජනතාවට පෙළ ගැසෙන්නැයි කී නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා තමන් උදවු කරන්නම් යැයිද පැවැසීය.

    පොහොට්ටුවේ ජනපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මඩකළපුව නගරයේ පැවැති ජන රැලිය අමතා මෙසේ ද කීවේය.

    “මත්තලින් අධිවේගී මාර්ගය මඩකළපුවට ගේන්න අපට සැලැස්මක් තිබුණා. යහපාලන ආණ්ඩුව ඒක නැවැත්තුවා. අපි හදන ආණ්ඩුවක් තුළ මත්තල අධිවේගී මාර්ගය අපි මඩකළපුවට එනකම් හදනවා. විශේෂයෙන් මත්තල ගුවන් තොටුපළ එක්ක බද්ධ කරමින් සංචාරක කර්මාන්තය මඩකළපුවට, අරුගම්බේවලට, ඒවගේම ත්‍රිකුණාමලයට පාසිකුඩාවලට සංවර්ධනය වෙනවා.

    හැම දේශපාලඥයෙක්ම දමිළ මුස්ලිම් ජනතාවට පොරොන්දු වෙන්නෙ දේශපාලනික පොරොන්දු. ව්‍යවස්ථාවල් හදන්න. මට ඒ වගේ ව්‍යවස්ථාවේ වෙනස්කම් ගැන ඔබට පොරොන්දු වෙන්න බෑ. හැබැයි මේ තරුණයට හොඳ හෙට දවසක් හදන්න මට පොරොන්දු වෙන්න පුළුවන්.මට ඒ උවමනාව තියෙනවා.

    දමිළ සංස්කෘතිය මම ආරක්ෂා කරන්න ඕනි.ඉස්ලාම් සංස්කෘතියත් මම ආරක්ෂා කරන්න ඕන. බෞද්ධ සංස්කෘතියෙන් හැදිච්ච රටක් විදියට අනිත් සංස්කෘතීන් ආරක්ෂා කරන්න අපට වගකීමක් තියෙනවා.

    ඉංග්‍රීසි භාෂාව පොදු භාෂාව විදියට අපොස සාපෙළ ඉඳන් මේ රටේ දරුවන්ට කියලා දෙන්න ඕන. අනිවාර්යයෙන්ම දමිළ භාෂාව දමිළ දරුවට උගන්වන්න ඕන. සිංහල භාෂාව ආරක්ෂා කරනවා වගේම මම මේ රටේ දමිළ භාෂාවත් ආරක්ෂා කරනවා.

    අපි අමාරු කාලයක් පහුකරගෙන ආවා. එදා ජාතින් අතර බෙදීමක් ඇතිවුණා. ඡන්දෙ කාලෙට ඒ බෙදීම වැඩිවෙනවා.ඔය සමහර දේශපාලඥයො දේශපාලනය කරන්නෙ බෙදලා. ජාතීන් අතර බෙදනවා. ආගම් විදියට බෙදනවා. පක්ෂය අතරත් බෙදනවා. මම බෙදීමෙන් දේශපාලන කරන කෙනෙක් නෙමෙයි.මම කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා. කරන්න බැරි දේ බැහැයි කියනවා.

    කොළඹින් ගෙනල්ලා නැගෙනහිරට, මඩකළපුවට දාන නායකයො වෙනුවට මේ පළාත්වලින් සැබෑ නායකයො බිහිවෙනවාට මම කැමතියි. මඩකළපුවෙන් නැගෙනහිරින් නායකයො හදන්න. ඒ සඳහා මම උදව් කරන්නම්. ලබන 21 වැනිදාට පොහොට්ටුව ජයග්‍රහණය කරවලා මේ රට දියුණු රටක් කරාගෙන යන ගමනට ඔබේ යුතුකම ඉටුකරන්න කියන ඉල්ලීම මම කරනවා” යැයි හෙතම පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img