fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රණවිරුවන් දූෂණ විරෝධී පෙරගමන්කරුවන් කර, රට දූෂණයෙන් මුදාගන්නවා"

    “රණවිරුවන් දූෂණ විරෝධී පෙරගමන්කරුවන් කර, රට දූෂණයෙන් මුදාගන්නවා”

    පාස්කු ප්‍රහාරයෙන් නිර්මාණය වී ඇති ව්‍යාකූලත්වය මේ ත්‍රස්ත ප්‍රහාරයට මුල් වූ කණ්ඩායම් හා මහමොළකරුවන් කවුද යන ක්‍රියාදාමය විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී වැඩසටහනේ කොටස්කරුවන් ලෙස රණවිරුවන් පත්කර මෙරට දූෂණයෙන් මුදවාගැනීමේ ප්‍රධාන පෙරමගමන්කරුවන් බවට රණවිරුවන් පත්කරන බවත් හෙතෙම කියාසිටියේ සමගි ජන බලවේගයේ ‘දිවිදෙන රණවිරු බලවේගය’ විසින් සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබූ සමුළුව අමතමිනි.

    අප රටට කොඩිවිනයක් වී ඇති කුඩු ජාවාරම මුලින් උපුටා දමන්නට විනාශ කිරීමේ කර්තව්‍යයට රණවිරුවන්ගේ දායකත්වය ලබා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    මෙරට ආරක්ෂාව රැකවරණය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පරදුවට තබා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ත්‍රිවිද හමුදාව පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ආරක්ෂක අංශ යනාදී රණවිරු ප්‍රජාව දේශපාලන සමයේ දේශපාලන පාපන්දුවක් කර ගෙන ඇති බවත් ඡන්දය උදෙසා බොහෝ අවස්ථාවල දී අනාථ කර ඇති බවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ත්‍රිවිද හමුදාව, පොලිසිය හා ආරක්ෂක අංශවල අයිතිය වෙනුවෙන් හඬ නැගුවේ අයිතීන් සුරක්ෂා කිරීමට සිටියේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    රණවිරුවන් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක්

    විපක්ෂයේ රාජකාරිය වන්නේ රජයෙන් ප්‍රශ්න කිරීම බවත් 21 වැනි දාට එම බාරදූර කර්වත්‍ය ලක්ෂ 220 ආශිර්වාදයෙන් විසදුම් හා උත්තර සපයන කාලය ආරම්භ කරන බවත් පැය 48ක් ඇතුළත ත්‍රිවිද හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු විසඳන්න ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවන බවත් ඒ තුළ කාලවකවානු සහිත ව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    රණවිරු සුබසාධනයට නව වැඩපිළිවෙළක්

    වන් රෑන්ක් වන් පෙන්ෂන් වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් රණවිරු සුබසාධනය වෙනුවෙන් ඇති රණවිරු අධිකාරියේ නෛතික බලය ප්‍රමාණවත් නොමැති නිසා රණවිරුවන් වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් ඇති කරන බවත් මේ පිරිසට සමාජයේ තවත් ආදායම් ලබන අවස්ථා බිහි කර ව්‍යාපාර ආරම්භ කර ව්‍යවසායකයන් වීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

    සමකළ නොහැකි දිවි දෙන රණවිරු වැඩසටහන තුළ නිරන්තරයෙන්ම ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ මෙන්ම සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගැටලු සොයා බැලූ බවත් ඒවාට විසඳුම් දෙන්න උත්තර නිර්මාණය කළ බවත් හමුදා ක්ෂේත්‍රයේ යම් යම් අඩුපාඩු පවතින නිසා ඒවාද සකස් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    අග්‍රාහාර රක්ෂණාවරණය මෙන්ම විශ්‍රාම වැටුප් ද නිසි පරිදි ලබා දෙන බවත් ස්ථාවර තැන්පතු සඳහා 15%ක පොළියක් ලබා දෙන බවත් එම පොළිය එලෙසම ක්‍රියාත්මක කරනවා සේම ආබාධිත රණවිරු සුබසාධනය වෙනුවෙන් ද කැපවෙන බවත් ඇස් ඉස් මස් ලේ දන් දී අප රැකගත් රණවිරුවන් අප විසින් රැකගත යුතු බවත් ඔවුන්ට හිමි සියලුම වරප්‍රසාද ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

    ජාති ආගම් භේද නොසලකා අපි එකට එකතු වෙමු

    රණවිරු කැපකිරිම් කළ පවුල්වල දරුවන් මෙන්ම උතුරු නැගෙනහිර දමිළ පවුල්වල දුදරුවන් වෙනුවෙන් ද වැඩපිළිවෙළක් සකස් කරන බවත් පශ්චාත් යුද සමයේ ජාති ආගම් භේද පසෙකලා හැමෝම එකතු විය යුතු බවත් උතුරු නැගෙනහිර දකුණු බස්නාහිර ඇතුළු පළාත් 9ම සියලු දෙනාම එකට එකතු වී මේ යුතුකම ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img