fbpx
තවත්
    මුල් පිටුවspecialලොව පළමු ට්‍රිලියනපතියා ඊලෝන් -දෙවැනියා ආදානි

    ලොව පළමු ට්‍රිලියනපතියා ඊලෝන් -දෙවැනියා ආදානි

    ලොව ප්‍රථම ට්‍රිලියනපතියා බවට ඊලෝන් මස්ක් පත්වීමට නියමිත බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.
    ඒ අනුව 2027 වර්ෂය වන විට මස්ක් සතු වත්කම් ප්‍රමාණය ඇමරිකා ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යනු ඇති බව ආර්ථික පර්යේෂණ කටයුතු සිදුකරනු ලබන ඉන්ෆෝමා කනෙකට් ඇකඩමිය විසින් සිය නවතම වාර්තාව මගින් පුරෝකථනය කර ඇත.

    අදාල ඇකඩමියේ වාර්තාවට අනුව මස්ක්ගේ ධනය සාමාන්‍ය වාර්ෂිකව 110% කින් වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අනුව මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 251 ක් සමඟින් ලොව ධනවත්ම පුද්ගලයා ද වන මසක්ගේ වත්කම් ඩොලර් ට්‍රිලියනය ඉක්මවා යනු ඇති බවට අපෙක්ෂා කරයි.

    මේ අතර අදාල වර්තාවට අනුව ලොව ට්‍රිලියනපතියන් බවට පත්වන දෙවන පුද්ගලයා බවට ඉන්දීය ව්‍යාපාරික ගෞතම් ආදානි සිටින අතර ඔහුගේ වාර්ෂික වර්ධන වේගය 123% පවතින අතර එම අගය අඛණ්ඩව පැවතුනහොත් 2028 දී ඔය ට්‍රිලියනපතියෙකු වන ඇති බවටද අදාල වාර්තාව පෙන්වා දෙයි.
    පසුගිය කාලය පුරා ලොව බිලියනපතියන්ගේ සංඛ්‍යාව වාර්ධණය වුවද ආදායම් බෙදීයාමේ විෂමතාවය එම කාලය තුලදී සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව ගෝලීය දත්ත වාර්තා පෙන්නුම් කරයි.

    කෙසේ වෙතත් ලොව ධනවත්ම සියයට 1 මගින් ලොව දුප්පත් සියය 66 වඩා වැඩියෙන් කාබන් විමෝචනයට දායකත්වය සපයන අතර එය මේවන විට ලොව මුුහුණ දෙන දේශගුණික විපර්යාස වලටද විශාල හේතුවක් වී ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img