fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"රනිල් මාමයි අනුර බෑණයි දැන් එක පැත්තේ"

    “රනිල් මාමයි අනුර බෑණයි දැන් එක පැත්තේ”

    රනිල් මාමා සහ අනුර බෑනා එක පැත්තකට ගොස් ඇති බවත් මේ දෙන්නා එකට ගිවිසුම් ගසා ඇති බවත් සමගි ජනබලවේගයේ ජනපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මේ ගිවිසුම රට ගොඩනගන්න නොව තමා පරාජය කිරීමට බවත් අවංක පිරිසුදු දේශපාලන ගමනක් තුළින් රාජ්‍ය සේවකයන්ගේ ජන ජිවිත වෙනුවෙන් කළ ප්‍රතිඵල 21 තමාට ලැබෙන බවත් හෙතෙම මෙහි දී පැවසීය.

    සමගි ජන බලවේග රජයක් තුළ රාජ්‍ය සේවක මුලික වැටුප් ලබන වසරේදී 24%කින් වැඩිකරන බවත් ඒ වැඩපිළිවෙළ තුළ අවම වශයෙන් මුලික වැටුප රු. 57500 බවට පත්කරන බවත් ඔහු කියා සිටී.

    සාමාන්‍ය ලෙස රාජ්‍ය සේවයේ රු. 17800ක් ඇති ජීවන වියදම් දීමනාව රු. 25000 දක්වා වැඩි කරන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කූඨ බදු සූත්‍රයට තෙරපී මිරිකී ඇති 6-36% දක්වා බදු ගෙවන ජනතාවගේ බදු බර 1-24% දක්වා අඩු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    එසේ ම සෑම රාජ්‍ය ආයතනයක ම පැවැත්ම ගැන බැලිය යුතු බවත් මේ ආයතන පවත්වා ගෙන යා යුතු බවත් ආයතන පවත්වා ගෙන යාම තුළින් ආයතනයේ සුරක්ෂිතභාව තහවුරු වන බවත් පැවැත්ම ශක්තිමත් වන විට එහි සුරක්ෂිතභාව තහවුරු වන විට සේවය කරන සේවකයන්ගේ අයිතිය සුරැකෙන බවත් තමා විශ්වාස කරන ආකාරයට රාජ්‍ය සේවයේ නියැලී සිටින අයගේ සේවා සුරක්ෂිතභාවය රැකියා සුරක්ෂිතභාව තහවුරු කිරීම ශක්තිමත් කිරීම තමාගේ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    එමෙන් ම ලාභ ලබන ආයතන තවදුරටත් වැඩි ලාභයක් ලබන ආයතන බවට කළමනාකරණය කර පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන තත්ත්වයට ගෙන ආ යුතු බවත් මෙහි දී සේවක අයිතිය රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරමින් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති ජාතික සමුළුව (12) කොළඹ දී පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

    වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලන තන්ත්‍රයට රාජ්‍ය ආයතන, ලාබ ලබන ආයතන පෙන්නන්න බැරි බවත් ටෙලිකොම්, ලිට්රෝගෑස්, ශ්‍රී ලංකන් කේටරින්, රක්ෂණ සංස්ථාව ආදී ආයතන විකුණනන් උත්සාහ කරන බවත් මේ ආයතන වෙනුවෙන් හඩක් නගන්න පාර්ලිමේන්තුවේ ඉන්නේ සමගි ජන බලවේගය බවත් රතු සහෝදරයෝ පවා කටවල් වහගෙන ඉන්න බවත් මේ අය විදේශ ගමන් ගොස් සැපවිද කම්කරුවන් වෙනුවෙන් නැගූ හඩ නිහඩ වී ඇති බවත් ටෙලිකොම්, ලිට්රෝ, රක්ෂණ සමාගම ආදී ලාභ ලබන ආයතන විකිණීමට විරුද්ධ වූයේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

    රටට ලාභයක් වන ධනාත්මක එකතුවක් ඇති කරනවා

    සමගි ජන බලවේගය කියන්නේ අන්ත ධනවාදී හෝ අන්ත සමාජවාදී පක්ෂයක් නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළෙඳාපොළ මැද මාවත අනුගමනය කරන පක්ෂයක් බවත් මේ තුළ මේ රටේ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන සේවක රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරන ආයතන රටට අලාභයක් නොවන රටට ලාභයක් වන ධනාත්මක එකතුවක් ඇති කරන වැඩපිළිවෙළක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    රට වෙන්දේසි ලන්තයක් කරන්න දෙන්න බැහැ

    පාඩු ලබන ආයතන ලාභ ලබන්න ඕනෑ තරම් ක්‍රමවේද හා ආකෘති ඇති බවත් පාඩු ලබන විට බදු ගෙවන්නන්ගේ මුදල් ලබා දිය නොහැකි වුවත් රාජ්‍ය ආයතන වෙන්දේසි නොකරන බවත් වෙන්දේසි ලන්තයක් බවට අප රට පත් නොකරන බවත් මේ වන විට ජනාධිපතිවරයාට තැපැල් කන්තෝරුවක්වත් පෙන්වන්න බැරි බවත් නුවරඑළිය හා ගාල්ලේ තැපැල් කන්තෝරු පවා විකුණන්න උත්සාහ කරන බවත් අපේකමක් රටේ කමක් නැති ජනාධිපතිවරයෙක් අපිට සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

    රාජ්‍ය සේවකයන් එළවන ප්‍රතිපත්තියේ අපි නැහැ

    එමෙන් ම රාජ්‍ය සේවය වැටුප් ගැන ජනාධිපතිවරයාට අවබෝධ වූයේ ජනාධිපතිවරණ සමයේ බවත් මේ රැවටීම්වලට තවදුරටත් හසු නොවන ලෙසත් රාජ්‍ය සේවකයන් එළවන ප්‍රතිපත්තියේ තමා නොමැති බවත් රාජ්‍ය ආයතන රැකගෙන රැකියා රැක ගෙන පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන නව වැඩපිළීවෙළකට යොමුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

    දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් වෙනුවෙන් පෙනී සිටිනවා

    දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ විශාල පිරිසක් සිටින බවත් 2019 පසුව 40000ක් සහ ඊට පෙර 60000ක් සිටින බවත් මේ අයගේ ගැටලු විසදන්න රනිල් වික්‍රමසිංහට නොහැකි වූ බවත් මේ අය වෙනුවෙන් තමා පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img