fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විසිවෙන්නේ නැතුව මනාපෙ දෙන්න දැනගෙන යන්න..

    විසිවෙන්නේ නැතුව මනාපෙ දෙන්න දැනගෙන යන්න..

    ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කරන ආකාරය සම්බන්ධයෙන්
    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

    ජනාධිපතිවරණයේදී නිවැරදිව ඡන්දය සලකුණු කරන ආකාරය පහතින්.

    ‘1’ මගින් ඡන්දයත්, ‘2’ සහ ‘3’ මගින් මනාප සලකුණු කළ හැකිය.
    ඡන්දය පමණක් භාවිත කිරීමට ‘1’ හෝ ‘X’සලකුණු කළ හැකිය.

    ඒ අනුව,
    ‘1’ සහ ‘X’යන දෙකම ඡන්දය භාවිත කිරීමට සලකුණු නොකරන්න.

    ‘X’ සමග වෙනත් සලකුණක්, ලකුණක්, ඉලක්කමක් භාවිත නොකරන්න.
    1 2 3 4 5 6 ලෙස ඉලක්කම් රැසක් සලකුණු නොකරන්න.

    වැඩසටහනේදී අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එක් අපේක්ෂකයෙකු 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගතහොත් සිදුවන ක්‍රියාදාමය පිළිබඳව ද අදහස් පළ කළේය.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

    “සමස්ත ප්‍රතිඵලය අපි දැනගත් පසු කොමිෂන් සභාව තීරණය කරයි ඊළඟට උපදෙස් දෙන්න මනාප ගණන් කිරීමට.”

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img