අදින් ඇරඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා අමතර බස් රථ 60 ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කරන බවයි.
ජාතික ගමනාගමන කමිසන් සභාව ද කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනයට සැලසුම් කර ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද රාත්‍රියේ සහ හෙට උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට කටයුතු යොදා ඇති බවයි.