fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදලා ඉවරයි -නොලැබුණොත් කළ යුතු දේ..

    ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදලා ඉවරයි -නොලැබුණොත් කළ යුතු දේ..

    ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත ගොස් බෙදාහැරිම අද (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 84% ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇති බවයි.

    මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 දා සිට 21 වනදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත හැකි බවද ඔහු පැවසීය.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ , නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටි හතලිස් පන් ලක්ෂයක් ඒ අතර වන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img