fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්වර්ණ පුස්තක සම්මානය 'කැමෙලියා' කෘතියට

    ස්වර්ණ පුස්තක සම්මානය ‘කැමෙලියා’ කෘතියට

    මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගත්තෙ විරාජිනී තෙන්නකෝන් කතුවරිය විසින් රචිත ‘කැමෙලියා’ කෘතියයි.

    සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය, 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඊයේ (14) පැවැත්වුණා.

    ඒ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී යි.

    එහිදී 2023 වර්ෂයේ ප්‍රකාශයට පත් වූ නවකතා 119ක් අතරින්, වසරේ ප්‍රශස්ථම නවකතාවට හිමි ‘ස්වර්ණ පුස්තක සම්මානයෙන්’ කැමෙලියා පිදුම් ලැබුවා.

    ‘කැමෙලියා’, සරසවි ප්‍රකාශනයකි.

    ඒ අනුව මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසන් අදියර දක්වා නිර්දේශ වූ කෘති 05 වූයේ,

    එරික් ඉලයප්ආරච්චිගේ ‘තිවංක කතාව’, මලික් තුසිත ගුණරත්නගේ ‘සිල්වර් ටිප්ස්’, විරාජිනී තෙන්නකෝන්ගේ ‘කැමෙලියා’, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘මැයි මාර ප්‍රසංගය’ සහ ලියනගේ අමරකීර්තිගේ ‘කැළලිකාරයෝ’ යන කෘතීන් වේ.

    ස්වර්ණ පුස්තක සම්මාන උළෙල, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සංවිධානයයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img