fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අපි දුප්පත්කම තුරන් කොට පොහොසත් මිනිස්සු ගොඩනගනවා"

    “අපි දුප්පත්කම තුරන් කොට පොහොසත් මිනිස්සු ගොඩනගනවා”

    මෙරටින් දුප්පත්කම තුරන්කොට පොහොසත් මිනිස්සු ගොඩනැගීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සිය ප්‍රධාන ඉලක්කය බව පොහොට්ටුවේ ජනපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (15) මහියංගනයේ පැවැති ජන රැලියකදී විශ්වාසය පළ කළේය.

    සිය ප්‍රතිවාදී ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දුටු විට කණගාටුවක් ඇතිවන බව කි නාමල් රාජපක්ෂ මහතා එම ප්‍රතිපත්තිවල ඇත්තේ දුප්පත් දරුවන් හා වැඩිහිටියන් විකුණගෙන කන ප්‍රතිපත්ති පමණක් බව පෙන්වා දුන්නේය.

    සමෘද්ධිලාභියා හැමදාමත් සමෘද්ධි ලාභියෙක් බවට සීමා නොකර ඔහු හෝ ඇයව ආදායම් උත්පාදකයෙක් ව්‍යවසායකයෙක් මෙන්ම රැකියාගත තරුණ තරුණියන් බවට පරිවර්තනය කරන බව ද නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

    පොහොට්ටුවේ ජනපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මෙසේ දී කීවේය.

    “අපට හැකියව තිබෙනවා ඔබේ ආර්ථිකය නංවන්න. ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. ඒ සඳහා සැළැස්මක් තියෙනවා. අවාසනාවට 2015 දි බලයට ආපු ආණ්ඩුවට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න උවමනාවක් තිබුණේ නැහැ. ඒ අයට තිබුණේ පළිගැනීමේ චේතනාව.
    අපෙ හාමුදුරුවනේ අපට හොරා කිවුවා.පරීක්ෂණ කරන්න ඕනි කිවුවා. අපිව හිරේ දැම්මා.හොයලා හොයලා අවසානේ රාජපක්ෂලා හොරකම් කරපු දෙයක් නැහැ කියලා ඒ නායකෙයෝ මාධ්‍යට කියන්න පටන් ගත්තා. පාර්ලිමේන්තුවේ කියන්න පටන් ගත්තා. නඩුවලින් අපි නිදොස් කොට නිදහස් උනා. කණගාටුව තමයි ඒ අය තවමත් ඒ පරණ සටන් පාඨ වේදිකාවේ කියලා ඡන්ද ගන්න බලනවා. මේ රටේ ජනතාව මේවා ගැන බුද්ධිමත්ව බලයි කියලා මම විශ්වාස කරනවා.
    අනෙක් කාරණය දුප්පත්කම. සමහර දේශපාලඥයො තවමත් මේ දුප්පත්කම විකුණන් කනවා. අනෙක් අපේක්ෂකයන්ගෙ මැතිවරණ ප්‍රකාශන බැලුවම අපෙ හාමුදුරුවනේ කියන්නත් කණගාටුයි. හැම නායකයම උත්සහ කරන්නෙ දරුවගේ වැඩිහිටියගේ දුප්පත්කම විකුණගෙන කන්න. දුප්පත්කමෙන් ජනතාව මුදාගන්න වැඩපිළිවෙලක් නෑ. ඒ වැඩපිළිවෙලක් නැති හින්දා තමයි පහුගිය කාලේ සමෘද්ධි ව්‍යාපාරය කඩාකප්පල් කළේ. මිනිස්සු දුප්පත්වෙලා ඉන්නවා දකින එක සමහර නායකයන්ට වාසියි. මොකද ඒ අයට ඡන්ද ගන්න ලෙහෙසි වෙන්නෙ එතකොට.
    මේ රටෙන් දුප්පත්කම නැති කරලා පොහොසත් මිනිස්සු කොටසක් අපේ රට තුළ ගොඩනගන්න පුළුවන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එක අපේ එක ප්‍රධාන ඉලක්කයක් කියලා අපි විශ්වාස කරනවා.
    පහුගිය කාලේ සමෘද්ධි ව්‍යාපාරය කප්පාදු කෙරුවා. අපේ ආණ්ඩුවක් තුළ සමෘද්ධි ව්‍යාපාරය රකිනවා කියලා මම ඔබට පැහැදිලිව කියනවා.
    සමෘද්ධිලාභියා හැමදාම සමෘද්ධි ලාභියෙක් බවට පත්නොකර ඔහුව ආදායම් උත්පාදකයෙක් ව්‍යවසායකයෙක් රැකියාගත තරුණයෙක් කරන්න හැකි පරිවර්තනයත් කරනවා කියලා මම ඔබ තමුන්නාන්සෙලාට කියනවා. ඊට අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.
    සාම ගිවිසුම් ගහපු අය ගැන මම කියන්න යන්නෙ නෑ. අපි යුද්ධය ඉවර කෙරුවා. අයෙ වතාවක් රට බෙදන්නත් 13 ඉඩම් බලතල හා පොලිස් බලතල දෙන්නත් අපි ඉඩ තියන්නෙ නැහැ කියන එකත් ඔබ තමුන්නාන්සෙලාට වගකීමකින් කියනවා.
    ආයෙමත් ඔබව තර්ජිත ගම්මානයකට සීමා කරන්න අපි ඉඩ තියන්නෙ නැහැ. මේ පණිවුඩය ඔබ ගමට ගෙනියන්න.
    ඔබේ දේශපාලන පක්ෂය. ඔබේ දේශපාලන බලවේගය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඔබ ගොඩනගපු දේශපාලන පක්ෂය ඉදිරි මැතිවරණවලදි ජයග්‍රහණය කරන දේශපාලන පක්ෂය වගේම 21 වැනිදාට පොහොට්ටුව ඉස්සරහා කතිරය ගහලා ඔබ ගොඩනගපු බලවේගය විජයග්‍රහණයක් බවට පත්කරන්න සහයෝගය දෙන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා” යැයි නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img