fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙට කලින් ලංකාවට එන ඇමරිකානුවන්ට එරට රජයෙන් කිව්ව දේ..

    ඡන්දෙට කලින් ලංකාවට එන ඇමරිකානුවන්ට එරට රජයෙන් කිව්ව දේ..

    ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එරට වැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන විට වඩාත් සැලකිලිමත් වන්නැයි දැනුම් දෙමින් සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව, එළැඹෙන සැප්තැම්බර් 21 වන දින පැවැවීමට නියමිත ජනාධිපතිවරණයට ශ්‍රී ලංකාව සූදානම් වන බැවින් එක්සත් ජනපද පුරවැසියන්ගෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් 2 මට්ටමේ සංචාරක උපදේශනය මෙලෙස නිකුත් කර ඇත.

    එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තෙ ජනාධිපතිවරණය හේතුවෙන් සිවිල් නොසන්සුන්තාව ඇතිවීමට ඉඩ පවතින බැවින් වඩා සැලකිලිමත් වන ලෙසයි. කනස්සල්ල උපුටා දක්වයි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා ඇති හැකියාව.

    මෙම තත්ත්වය අනුව මැතිවරණයට පෙර හා පසුව විරෝධතා ඇතිවිය හැකිබවත් එබැවින් මහජන ඒකරාශි වීම මඟ හරින ලෙසද ඇමරිකානුවන් හට දැනුම් දී තිබේ.

    මේ අතර, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අවස්ථා ද.නිර්මාණය විය හැකිබවද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    එමෙන්ව සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ රජයේ පහසුකම් වැනි පොදු ස්ථාන ඉලක්ක කර ගනිමින් මීට පෙර ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවී ඇති බවද අදලා උපදේශනය මගින් අනතුරු අඟවා ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img