fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"ජනතාවගේ ජීවන බර ලබන වසරේදී අවසන් කරනවා"

    “ජනතාවගේ ජීවන බර ලබන වසරේදී අවසන් කරනවා”

    ලබන වසරේදි ජනතාවගේ ජීවන බර පිළිබඳ සටන අවසන් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

    නිවාස ගණනාවක ආදායම සහ වියදම අතර විශාල සටනක් තිබෙන බවත් තමා එම සටන ලබන වසරේදී අවසන් කරන බවත් ඒ සඳහා තමාට ජනවරම ලබාදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදි වැඩිදුරටත් කියා සිටි.

    සේරුවලදී මේ වනවිට පැවැත්වෙන “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියල තවදුරටත් ශක්තිමත් වීමත් සමඟ රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට එම සහන ලබාදීමට හැකිවනු ඇති බවයි.

    “මගේ ජීවිතේ මම අමාරුම තීරණය ගත්තා වැට් වැඩි කළා. ඒත් මාස 6කින් පසුව සහන දෙන්න පුළුවන් බවට විශ්වාසය මට තිබුණා. ඒ විදියටම කළා.” රටක බිඳ වැටුණු ආර්ථිකයක් ගොඩගැනීමට අසීරු තීරණ ගැනීමට සිදුවුවද අවසානයේ සහන හිමිවන බව ඔහු ඊයේ හොරණදී පැවති රැළිය අමතමින් කීය.

    වසර දෙකකට පසු අද වනවිට රට ස්ථාවර වී තිබුණත් තවමත් ජනතාවට ගැටළු තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    සේරුවිල ප්‍රදේශයේ මේ වනවිට පැවැත්වෙන ජනාධිපති අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ මැතිවරණ ප්‍රචාරක රැළිය මේ වනවිට පැවැත්වේ. එහි සජීවි විකාශය පහතින්.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img