fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොණ්ඩේ අතට එන්න සැලැස්වූ සැලෝන් එක ගැන විමර්ශනයට ASP කියන අයකුගෙන් බලපෑම්

    කොණ්ඩේ අතට එන්න සැලැස්වූ සැලෝන් එක ගැන විමර්ශනයට ASP කියන අයකුගෙන් බලපෑම්

    හිස කෙස් සැකසීමට යාමේදී ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් කාන්තාවකගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධියට සම්බන්ධයෙන් විමර්ශනවලට පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස හදුන්වන අයෙකු දුරකතන ඇමතුම් ලබාදෙමින් දැඩි බලපෑම් සිදුකරන බව මිනුවන්ගොඩ පොලීසිය ඊයේ (18)දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.

    තමන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස හඳුන්වන මෙම පුද්ගලයා විසින් දුරකථන ඇමතුම් කීපයක්ම ලබාදෙමින් මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන්ට ප්‍රශ්නගත රූපලාවණ්‍යාගාරයේ සිදුවීම හා එහි හිමිකාර කාන්තාව පිළිබඳව සිදුකරන පොලිස් විමර්ශන සිදු නොකරන ලෙසට බලපෑම් කරන බව පොලිසිය එහිදී අධිකරණයට දැන්වීය .

    මෙතෙක් එම හිමිකාරිනිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන නැති අතර ඇය පළාගොස් සැඟව සිටී.

    මෙම අවස්ථාවේදී පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය මෙම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළේය .

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img