fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කළුබෝවිල හෝටල් හිමිකරුවෙකුට වෙඩිතබා මරාදමයි

    කළුබෝවිල හෝටල් හිමිකරුවෙකුට වෙඩිතබා මරාදමයි

    කළුබෝවිල සරණංකර පාරේ පිහිටි ස්ටාර් හෝටලය අසලට ඊයේ (18) රාත්‍රී 11.00ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අතර සිටි අයෙක් දුම්වැටියක් මිලදී ගැනීමේ මුවාවෙන් හෝටලය තුළට ගොස් හෝටලයේ හිමිකරුට වෙඩි තබා පළාගොස් තිබේ.

    මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කළ කලුබෝවිල කඩවත පාරේ පදිංචිකරුවෙක් වූ 43 හැවිරිදි නායගම් විශ්වඥානම් නැමැති අය මියගොස් ඇති බව කොහුවල පොලීසිය සඳහන් කරයි.

    වෙඩිකරු නැවත යතුරු පැදියේ නැගී පාමංකඩ දෙකට පළාගොස් ඇති බවට තොරතුරු විමර්ශන වලදී ලැබී තිබේ. එසේ පළාගියේ යැයි සඳහන් වෙඩික්කරු සහ යතුරුපැදිකරු ගමන් කළ බවට සැකකරන බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරු පැදිය වැල්ලවත්ත හැවලොක් සිටි සාප්පු සංකීර්ණය අසල දමාගොස් තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

    මෙම වෙඩි තැබීම සම්බන්දයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ හෝටලයේ හිමිකරු ඊයේ (18) උදෑසන හෝටලයට පැමිණ එහි සේවය කරන සේවකයින් හට එදින පෙරවරු 11.00 වන විට දිවා ආහාර 450ක් අවශ්‍යය යැයි පවසා ඇති බවය. ඒ අනුව සේවකයින් විසින් කෑම පිලියෙළ කර පසුව මොහු විසින් එම කෑම ,බඩෝවිට නිවසකට රැගෙන ගොස් ඇති බව පොලීසිය කියයි. විමර්ශනයේදී අනාවරන්‍ය වී ඇත්තේ පසුගිය 15 වෙනිදා වන දින වෙඩිතැබීමකින් මියගිය පෙරුමාල් සුවාරිස් තරිදු මධුෂාන්,(31) නැමැත්තාගේ නිවසට මෙම කෑම පාර්සල් තොගය රැගෙන ගොස් ඇති බවය.

    මෙම පුද්ගලයා මාතලේ සිට වසර 10කට පෙර කොළඹට පැමිණ ඇති අයෙක් බවත් ස්ටාර් හෝටලය පවත්වාගෙන ගොස් ඇත්තේ කුළියට ලබාගත් ගොඩනැගිල්ලක බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙම පුද්ගලයා මත්කුඩු ජාවාරම්කරුවෙක් වන බඩෝවිට අසංක නැමැත්තාගේ ගෝලයෙක් බවත් පසුගිය 15 වෙනිදා වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වී ඇත්තේද බඩෝවිට අසංකගේ ගෝලයෙක් බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.

    මෙම ඝාතන ද්විත්වයම මත්කුඩු ආරවුල් මුල්කරගෙන විදේශයක සිට මෙහෙයවා ඇති බව පෙනී යන බවත් මෑතකදී බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණී චූවා සමන්ත නැමැති අය මෙම ඝාතන දෙකම පිටුපස සිටන බවට සැකකරන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img