fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්“21 වෙනිදායින් පස්සේ වෙන දේ බලාගන්න පුළුවන්“ ජනපතිගේ ආරක්ෂක ලොක්කාට තර්ජන

    “21 වෙනිදායින් පස්සේ වෙන දේ බලාගන්න පුළුවන්“ ජනපතිගේ ආරක්ෂක ලොක්කාට තර්ජන

    “21 වෙනිදායින් පස්සේ වෙන දේ බලාගන්න පුළුවන්“ යැයි සඳහන් කරමින් ජනාධිපති ආරක්ෂක දිසව භාර නියෝජ්‍ය පොලිස්පති දේවප්‍රිය ජයසිංහ මහතාට දුරකථන ඇමතුමක් දෙමින් තර්ජනය කළ යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයෙක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    වැල්ලවත්තේ පදිංචිකරුවෙක් වන මෙම මේජර්වරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන තර්ජනයකර ඇත්තේ පෙරේදා (19) පෙරවරුවේදීය.

    “තමුසේ නේද ජනාධිපති ආරක්ෂාව භාරව ඉන්නේ. 21 වෙනිදායින් පසුව වෙන දෙන දේ බලාගන්න පුළුවන් “ පවසමින් තමාට ජංගම දුරකථනයකින් යම් පුද්ගලයෙක් තර්ජනය කළ බව සඳහන් කරමින් නියෝජ්‍ය පොලිස්පති දේවප්‍රිය ජයසිංහ මහතා කොටුව පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

    ජනාධිපති ආරක්ෂක අංශයද මෙම තර්ජනය කළ පුද්ගලයා කවුරුන්දැයි සොයා බලා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ තර්ජනය කළ පුද්ගලයා වැල්ලවත්තේ පදිංචිව සිටින මේජර්වරයෙක් බවය. එම මේජර්වරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට පැවැත්වෙන බව පොලිස් තොරතුරු සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img