2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිල වශයෙන් අවසන් වී තිබේ.
අද පෙරවරු හතට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු හතරට අවසන් විය.
මෙම අත්‍යාවශ්‍ය ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට ක්‍රියාශීලීව සහභාගී වීම ගැන සියලුම පුරවැසියන්ට සිය කෘතඥතාව පුදකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඡන්ද පත්‍රිකා අඩංගු ඇසුරුම් පොලිස් ආරක්ෂාව යටතේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යාමේ කටයුතු දැන් ආරම්භ වී ඇත.