2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට අදාළව අද පැවති ඡන්ද විමසීමේ කාලසීමාව ආරම්භයේ සිට අද ප.ව 3.00 වන විට මැතිවරණ උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 604ක් ලැබුණු බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිසම විසින් එම සෑම පැමිණිල්ලක්ම හොඳින් සමාලෝචනය කරන බව කියයි.
එමෙන්ම උදෑසන ඡන්දය ආරම්භ වූ මොහොතේ සිට අවසානය දක්වා සාමකාමී තත්ත්වයක් රට පුරා පැවැති බව පොලිස් මැතිවරණ අංශයභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා newswave.lk වෙත සඳහන් කළේය.
හොර ඡන්ද දැමීමට තැත්කිරීමේ එක් සිදුවීමක් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ සිදුවීම් දෙකක් ඡන්දය පැවති කාලය තුළ වාර්තා වූ බවද අසංක කරවිට මහතා සඳහන් කළේය.
සමස්තයක් වශයෙන් ගත් කළ මෙවර ජනාධිපතිවරණය සාමකාමීව පැවැති බව ද අසංක කරවිට මහතා වැඩිදුරටත් සඳහන් කළේය.