2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව කිසිදු අපේක්ෂකයකු 50%ක් ලබාගෙන නොමැති වීම නිසා පළමු සහ දෙවන වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් වන අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස හැර සෙසු අපේක්ෂකයන් ජනපති සටනින් ඉවත් කර තිබේ.
ඒ අනුව එලෙස ඉවත් කරන ලද අපේක්ෂකයන්ගේ මනාප ගණනය ඇරඹූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.
එම මනාප අතුරින් පළමු දෙදෙනාට වාසි වන මනාප ඔවුන් දෙදෙනාගේ ඡන්ද සංඛ්‍යාවට එකතු කිරීමට මෙහිදී සිදුවේ.
ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශය පහතින්.
මෙරට වසර 42ක ජනාධිපතිවරණ ඉතිහාසය තුළ මහජන ඡන්දයකින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමට නොහැකිව, වැඩිම වාර ගණනක් පරාජයට පත්වූ එක ම ප්‍රධාන අපේක්ෂකයා බවට රනිල් වික්‍රමසිංහ තවදුරටත් ඉතිහාස ගත වේ.
1, 2 ස්ථානවලට පැමිණි අපේක්ෂකයන් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයන් ජනපති සටනින් ඉවත් කරන ලද අවස්ථාවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබූ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.