නව වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් ඉදිරියේ දී නව ජනාධිපතිවරයා මෙසේ දිවුරුම් දුන්නේය.
1966 නොවැම්බර් 24 දින උපත ලැබූ අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ද තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවේය.
උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වූ අනුර කුමාර දිසානායක මහතා 1995 වසරේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ.