සිය මව සමඟ නාන කාමරයේ රැදී සිටි මාස 11ක දැරියක් ජලය පිරුණු බේසකමට වැටී දියේ ගිලී මියගොස් ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීම වී ඇත්තේ මුල්ලිවයිකාල් නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළය.
ඒ. තුයිෂිකා නැමැති දැරිවිය මෙසේ මියගොස් ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (22)උදෑසන කාලයේදී බව පොලීසිය කියයි.
දැරිවියව වතුර බේසමෙන් ගොඩ ගෙන ප්‍රථමාධාර දෙමින් මාචෝලේ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඇය සිට ඇත්තේ මියගොසින් බව මුලතිව් පොලීසිය සඳහන් කළේය.