fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඡන්ද පොලේ ආරක්ෂාව අතහැර ගිය කොස්තාපල්ට වූ දේ

    ඡන්ද පොලේ ආරක්ෂාව අතහැර ගිය කොස්තාපල්ට වූ දේ

    ඡන්ද මධ්‍යස්ථානයක රාජකාරි සඳහා යොදවා සිටියදී කිසිදු උසස් පොලිස් නිලධාරියකු නිසි අවසරයකින් තොරව රාජකාරි ගිනි අවියද රැගෙන ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටව ගොස් සිටි නිට්ටඹුව පොලීසියේ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට ගම්පහ කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

    මෙම වැඩ තහනම් නියෝගය නිකුත්කර ඇත්තේ 21 වෙනිදා සිට ක්‍රියාත්මක වන ලෙසිණි.

    නිට්ටඹුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත මෙම පොලිස් කොස්තාපල්වරයා යොදවා සිට ඇත්තේ උඩගහ වල්පොල ඒකාබද්ධ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ආරක්ෂක රාජකාරිය සඳහාය.

    මැතිවරණය පැවති පසුගිය 21 වෙනිදා ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව ගැන සොයා බලමින් අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී බී.සී.ප්‍රසාද් ප්‍රනාන්දු මහතා උඩගහ වල්පොල ඒකාබද්ධ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත ගිය අවස්ථාවේදී ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයා පෙනෙන්නට නොවූ බැවින් ඒ ගැන යම් සොයා බැලීමක් කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ රාජකාරි ගිනි අවිය වූ ටී 56 අවියද රැගෙන ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img