නම වන විධායක ජනාධිපති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්රධානී සහ වැඩ බලන පොලිස්පති සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(23) උදෑසන විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ජනාධිපතිවරයා මැතිවරණ කාල සීමාවේදී කිසිදු සිදුවීමකට ඉඩනොතබමින් රටේ ආරක්ෂාව සැළකීමට ක්රියා කිරීම සම්බන්ධයෙන් පොලීසියට හා හමුදාවන්ට සිය ස්තූතිය පලකර ඇත.
අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මේ යන ගමනේදී කිසිදු ප්රචණ්ඩ ක්රියාවකට ඉඩ නොතබන ලෙස මෙහිදී ජනාධිපතිවරයා අවධාරණයකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.