මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත්කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවයකර ඇති ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත් නිලධාරියෙකි.
බත්තරමුල්ල සුහුරුපායේ 18 මහලේ පිහිටි අමාත්‍යාංශයේ කාර්යාලයේදී ඒ මහතා අද 23 දින වැඩ භාරගත්තේ ය.