වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඇල්ලේ රක්ෂිතයකට ගිනි තබා හෙක්ටයාර් 04කට හානි කිරීමක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු ඇල්ල පොලීසිය ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල කිනලන් වත්තේ පදිංචි 31 හැවිරිදි වතු සේවකයෙකි.
කිනලන් වතුයායට අයත් ඉහළ කොටසේ ඇති රක්ෂිතයට මෙම පුද්ගලයා ගිනි තබා ඇති බව පොලීසිය කියයි.
පොලීසියත් වතු යායේ සේවකයිනුත් එක්ව ගින්න මැඩලීමට පියවර ගෙන තිබේ. ඒ වන විටත් හෙක්ටයාර් 04කට හානි සිදුව ඇති බව පොලීසිය කියයි.