මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයින් පස් දෙනෙක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි වත්තේගම පොලීසිය කියයි.
වත්තේගම සිරිමල් වත්ත ප්රදේශයේ පිහිටි නයිට් ප්ලේස් හෝටලය පිටුපසින් මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් මෙසේ දියේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇත.
ගැටහැත්ත, අමුණුගම දකුණේ පදිංචි ඉඳුවර සෙනවිරත්න (22) පසහ පිළවල අඟේගම පදිංචි ආර්ශන බණ්ඩාර (19) මෙසේ අතුරුදන්ව සිටින බව වත්තේගම පොලීසිය කියයි.