පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙකුත් මන්ත්‍රිවරුන්ගේ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කර තිබේ.
පොලිසිය මගින් එකී ප්‍රභූන්ගේ ආරක්ෂාවට ලබා දී තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධරයන් සහ මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අමාත්‍යවරුන්, මන්ත්‍රිවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් හා මන්ත්‍රිවරුන් වෙත ලබා දී තිබූ ප්‍රභු ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරිමට ක්‍රියා කර ඇත.
2024.09.24 දින මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බැවින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙකුත් මන්ත්‍රිවරුන්ගේ ධූර එදින පටන් අවලංගු වන බැවින් මෙම පියවර ගෙන ඇත.
කෙසේවෙතත් පහත සදහන් ප්‍රභූන්ගේ ආරක්ෂක ඒකක වෙත පමණක් මේ වන විට ලබා දී ඇති ආරක්ෂාව තවදුරටත් නොවෙනස්ව ලබා දීමට නියමිතය.
කථානායකවරයා,
විපක්ෂ නායකවරයා,
නියෝජ්‍ය කථානායකවරයා,
එසේම වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ පනත අනුව හා අධිකරණ නියෝගයක් මත විශේෂ ආරක්ෂාව ලබා දිය යුතු බවට නියෝග කර ඇති පාර්ලිමේන්තුව නියෝජනය කළ හෝ පළාත් සභාව නියෝජනය කළ හෝ ආණ්ඩුකාර ධූරය දැරූ කිසියම් ප්‍රභූවරයෙකු සිටී නම් ඔවුන් වෙත පමණක් ලබා දී ඇති ආරක්ෂාව තවදුරටත් නෙවෙනස්ව ලබා දෙන බව පොලීසිය කියයි.