fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් දිවියට සමුදෙයි

    මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් දිවියට සමුදෙයි

    හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත තිබේ.

    කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු අමාත්‍යවරයා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

    මිය යන විට ඔහු වයස 74 වැනි වියෙහි පසුවිය.

    1950 අප්‍රේල් 05 වැනිදා උපන් ඔහු 1984 සිට 2000 දක්වා කාලය තුළ අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විය.

    පසුව 2007 සිට 2010 දක්වා ඔහු කාර්මික සංවර්ධන අමාත්‍යවරයා වූ අතර, 2010 සිට 2015 මුල් භාගය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන්හි ප්‍රවාහන අමාත්‍යවරයා වී තිබේ.

    එමෙන්ම ඔහු 2019 වසර දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් විය.

    පසුව ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග සන්ධානයට එක් ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img