fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩේ හරියට වෙලා නෑ -විදුලි ගාස්තුව අඩුකරන්න බලයි

    වැඩේ හරියට වෙලා නෑ -විදුලි ගාස්තුව අඩුකරන්න බලයි

    විදුලිය ගාස්තු අඩුකිරීම පිළිබඳව විශ්ලේෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ ඊට අදාල වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරන බවයි.

    මහජන උපයෝගිතා කොමිසමේ නිල කාලය මේ වනවිට අවසන්ව ඇති අතර ඒ සඳහා නව සාමාජිකයන් පත්කරන්නේ නව පාර්ලිමේන්තුව රැස්කිරීමෙන් පසුවයි.

    සභාපතිවරයා පෙන්වාදෙන්නේ මාස හයකට වරක් විදුලි ගාස්තු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් සිදුකල යුතු වුවත් එය විධිමත් පරිදි සිදුවී නොමැති බවයි.

    නව රජයේ අපේක්ෂාව වන්නේ විදුලිය ගාස්තු ජනතාවට උපරිම සහනයක් ලැබෙන පරිදි අඩු කිරීම බවත් හෙතෙම කියා සිටියේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img